How do we assist you with Romania Work Visa services?
We assist you by offering services that fit your needs and make things easier. Our goal is to provide support that helps you achieve your objectives in a smooth and effective way.
නොමිලේ ලැබෙන උපදේශන සේවාවෙන් පසු, විදෙස් රැකියාවක් සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සේවාදායකයා සහ Beverley International Recruitment (Pvt) Ltd ආයතනය ගිවිසුම්ගතවන අවස්ථාව ලෙස මෙය හඳුන්වයි. මෙහිදී, නැවත නොගෙවීමේ කොන්දේසියට යටත්ව (Non Refundable Payment) ලියාපදිංචි වීමේ ගාස්තුවක් අප ආයතනය වෙත සිදු කිරීම අවශ්‍ය වේ.
ඔබ, සාර්ථකව අප සමඟ ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ උපදේශකයා නියම කරන ලද ලේඛන අප වෙත භාර දීම අනිවාර්ය වේ. මෙම ලේඛන මොනවාද යන්න පිළිබඳව නොමිලේ ඔබට ලැබෙන උපදේශන සේවාවේදී දැනුවත් කරනු ඇත.
අප වෙත ලබා දිය යුතු ලේඛන සියල්ල සම්පූර්ණ කිරීමෙන් පසු, අප සමඟ ලියාපදිංචි වී ඇති රැකියාවට අදාලව, රොමේනියාවේ සිටින නියෝජිතයෙකු (Agent) වෙත ඔබගේ ලේඛන ඉදිරිපත් කරනු ඇත. එහිදී ඔවුන් ඔබගේ ලේඛන පරික්ෂා කර, ඔවුන්ගේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබ ගැලපෙන්නේ නම්, ඔවුන් විසින් පිරිනැමීමේ පත්‍රයක් (Offer Letter) නිකුත් කරනු ඇත.
ඔබ වෙත පිරිනැමීමේ පත්‍ර (Offer Letter) ලබා දීම වෙනුවෙන්, අප ආයතනය වෙත එම අදියරේදී ගෙවිය යුතු ආයතනික ගෙවීම සිදු කළ යුතුය.
ඔබට පිරිනැමීමේ පත්‍ර (offer letter) නිකුත් කිරීමෙන් පසුව, රොමේනියාවේ නියෝජිතයා (Agent) සහ රොමේනියානු Immigration එක සමඟ සම්බන්ධ වී, එම රට තුළ රැකියාවේ නිරත වීම සඳහා රැකියා අවසර පත්‍රය (Work Permit) ලබා ගැනීම මෙම අදියරේදී සිදු කරයි.
ඔබ වෙත රැකියා අවසර පත්‍රය (Work Permit) ලබා දීම වෙනුවෙන්, අප ආයතනය වෙත එම අදියරේදී ගෙවිය යුතු ආයතනික ගෙවීම සිදු කළ යුතුය.
සාර්ථකව රැකියා අවසර පත්‍රය (Work Permit) ලබා ගැනීමේ අදියර පසු කිරීමෙන් අනතුරුව, ඔබගේ Visa ක්‍රියාවලිය ආරම්භ වේ. එහි එක් පියවරක් ලෙස, ඔබ විසින් ශ්‍රී ලංකාවේ පිහිටි රොමේනියානු තානාපති කාර්යාලයේ දී (Embassy of Romania) ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක් සඳහා මුහුණ දිය යුතුය. මේ සඳහා, අප ආයතනය මගින් පෙර සූදානම් කිරීමක් සිදු කරනු ලබයි.
ඔබ වෙත Visa සේවාව ලබා දීම වෙනුවෙන්, මෙම අවස්ථාවේදී, ඔබ විසින් අප ආයතනය වෙත සිදු කළ යුතු ආයතනික ගෙවීම් සියල්ල පියවා තිබීම අනිවාර්ය වේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කිරීම හරහා, සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කරන අතර, අවදානම් අවම කර විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා අත්වැලක් සපයයි.
ඉහත සියලු අදියර සාර්ථකව පසු කිරීමෙන් අනතුරුව, ඔබ රොමේනියාව බලා පිටත් වීමට සුදුසුකම් ලබා ඇත. අවසාන වශයෙන් රොමේනියාව සම්බන්ධව මූලික දැනුවත් කිරීමක් අප ආයතනය මගින් සිදු කරනු ලැබේ.



